මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී ඇති බවත් ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ අංශ දැනුවත් කර ඇති බවත් දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සඳහන් කරයි. එය පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් පවසා සිටී.
මාලිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්නයේ ඇති මෙම දිය අගලේ මීටර 10ක පමණ කොටසක් මෙසේ කඩාවැටී ඇති අතර තවත් විශාල කොටසක් කඩා වැටීමේ තර්ජනයට ලක් වී තිබේ.
(Lanka Leads)