කොවිඩ් නව ප්‍රභේදය වරාය මාර්ගයෙන් රට තුළට ඇතුළුවීමේ හැකියාවක් නොමැති බව වරාය සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
එංගලන්තයෙන් මතුවී ලෝකයේ බොහෝ රටවල්වල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වයිරසය මෙරටටද වරාය මාර්ගයෙන් හෝ ගුවන් තොටුපළ මගින් ඇතුළුවීමට හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වරායේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ වරායට පැමිණෙන නැව්වලින් කිසිවකුත් වරාය පරිශ්‍රය තුළට නොපැමිණෙන බවය.
එසේම වරායේ සිට නැව්වලට යන නිලධාරීන්ද සෞඛ්‍යාරක්ෂිත ඇඳුම්වලින් ආවරණය වී සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කටයුතු කරන බැවින් වරාය මගින් කොවිඩ් නව ප්‍රභේදය මෙරටට ඇතුළු නොවන බවට සහතික විය හැකි බවද වරාය සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
(Aruna)