Tuesday, February 10, 2026
Follow Us
දොම්පේ ඇඟලුම් කම්හලක ආසාදිතයන් 91ක්

දොම්පේ ගිරිදර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලකින් කොවිඩ් 19 ආසාදිතයන් 91 දෙනෙකු සොයා ගත් බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී කුමාරි විජේසූරිය පැවැසුවාය.

එම ඇඟලුම් කම්හලෙහි සේවක සේවිකාවන් 1600 ක් පමණ සේවයේ යෙදී සිටින අතර ඔවුන් අතරින් මෙම ආසාදිත පිරිස සොයාගෙන ඇත. මේ හේතුවෙන් එම කම්හල තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

එමෙන්ම එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 500 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

(Aruna)