Tuesday, February 10, 2026
Follow Us
“ධම්මික පැණිය” සායනික පරීක්ෂාව සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්ගේ අනුමැතිය නැතිව තවදුරටත් ප්‍රමාද වේ!

අනුරාධපුර මහ රෝහලේ ආරංචි මාර්ග අනුව ධම්මික පැණිය ලෙස හඳුන්වන කොරෝනා වෛරස් ආසාදිත වූවන්ට ලබා දිය හැකි ඖෂධය සායනිකව පරීක්ෂා කිරීම සඳහා දියත් කළ පර්යේෂණ ව්‍යාපෘතිය තවදුරටත් කල් යන බව වාර්තා වේ.ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තම අවසර ලිපිය නිකුත් නොකිරීමය. මේ වන විට රජරට විශ්ව විද්‍යාලයේ ආචාරධර්ම කමිටුවේ අනුමැතිය සහ වෛද්‍යය සංගමයේ සායනික පරීක්ෂණ කමිටුවේ රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලැබී ඇත. මෙම පමාව පිටුපස යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් උවමනාවක් තිබේ දැයි අවධානයෙන් සිටින බව රෝහල් සේවකයෝ පවසති.

(Lanka LEads)