Tuesday, February 10, 2026
Follow Us
මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ට එරෙහිව අද සිට වෙනදේ

මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව අද (05) සිට නීතිමය ක්‍රියාමාර්ගවලට අමතර පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මුහුණු ආවරණ නොපැළඳීමෙන් සහ දුරස්ථභාවය පවත්වා නොගැනීමෙන් කොවිඩ්-19 වෛරස ව්‍යාප්ත විය හැකි බවයි.

ඒ මහතා සදහන් කළේ ගතවූ පැය 24 තුළ මුහුණු ආවරණ නොපැළදීමෙන් පුද්ගලයින් 74දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම පසුගිය 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මුහුණු ආවරණ නොපැළදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2172කි.

මුහුණු ආවරණ නොපළදින සහ දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)