Monday, May 13, 2024
Follow Us
ලංකාවේ නිරෝධායන නීති කිසිම ප්‍රායෝගිකත්වයක් නැති නීති

අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා,යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම තනිකරම තමන්ගේ වැඩක් සහ සංකල්පයක් බවත් අගමැතිවරයාට එම යෝජනාව ඉදිරිපත් කලේ තමන් විසින් බවත් පවසා සිටියේය.


එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,
සති දෙකක් කාමරයකට දමා වසා PCR පරීක්ෂණ 5ක් පමණ සිදු කරද්දී මෙරටට පැමිණෙන්නට සංචාරකයන්ට පිස්සු නැති බවයි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,
“ලංකාවේ නිරෝධායන නීති සමග සංචාරකයන් ලංකාවට ගෙන්වන්න බැහැ. එම නිරෝධායන නීති කිසිම ප්‍රායෝගිකත්වයක් නැති නීති දැනටමත් ලංකාවේ දිනකට කොරෝනා ආසාදිතයන් පන්සියයක් පමණ වාර්තා වනවා. යුක්රේන ජාතිකයන්ගෙන් ආසාදිත යැයි වාර්තා වී ඇත්තේ තුන් දෙනෙකු පමණයි.” යනුවෙනි.

(Lanka LEads)