Tuesday, May 14, 2024
Follow Us
මළ සිරුරු ආදහනය කිරීම වෙනස් කරනවානම් සෞඛ්‍ය ඇමතිනිය මැදිහත් විය යුතුයි

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව තවදුරටත් ආදාහනය කරන බවයි.

මාධ්‍යය කළ විමසීමකට අනුව තවදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසා සිටියේ
‘‘ශ්‍රි ලංකාවේදී කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයකුගේ මෘත දේහ තවදුරටත් ආදාහනය කෙරෙන ක්‍රමවේදයේ වෙනසක් කරනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමිය ඒ සම්බන්ධයෙන් මැදිහත් වී එම ආදාහනය කිරීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කළ යුතුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම් දී තිබෙන්නේ ඒ ඒ රටවල් තම රටට ගැළපෙන ක‍්‍රමවේදයක් සකස් කරගෙන කොවිඞ් 19 මරණවලට අදාළ අවසන් කටයුතු සිදුකළ යුතුයි කියලයි. ඒ අනුව කොවිඞ් 19 වෛරසයෙන් මියගිය කෙනෙකුගේ අවසන් කටයුතු තවදුරටත් ආදාහනය කරනු ලබනවා.” යනුවෙනි.

(Lanka Leads)