Tuesday, September 23, 2025
Follow Us
යුක්රේන සංචාරකයින්ගේ සීගිරි - පොළොන්නරු ගමන් නතර කරයි

මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් අද සහ හෙට යන දෙදින සංචාරය කිරීමට නියමිතව තිබූ පොළොන්නරුව සහ සීගිරි සංචාර අවලංගු කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ සංචාරක අමාත්‍යංශය විසින් ඒ පිළීබඳ දැනුම්දුන් බවයි.

ඒ අනුව පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන අද සහ හෙට දෙදින දේශීය සංචාරකයින්ට විවෘත වන බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවා. මෙරට සංචාර සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡුාවක් පැවැත්වෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක‍්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02, ආලාහ පිරිවෙන් සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ එම ස්ථානයි. මෙම සංචාරකයන් හෙට දිනයේ සීගිරිය සංචාරක කලාපය නැරඹීමටටි නියමිතව තිබුණේ.

මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් හේතුවෙන් යාල වනෝද්‍යානයේ සෆාරි ජීප්රථ රියදුරන් 27 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට යොමු කිරීමට ඊයේ පියවර ගැනුණා.

(Neth)