Tuesday, May 14, 2024
Follow Us
මධ්‍යම ආදායම්ලාභීන්ට රජයෙන් නිවාස පන්දහසක්

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද ආරම්භ වනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදීයි.

ප‍්‍රථම අදියර යටතේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල කොළඹ දිස්ති‍්‍රක්කවල සඳහා වෙන්වූ නිවාස ඉදිකෙරන බවයි නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ. ගම්පහ දිස්ති‍්‍රක්කයේ පෑලියගොඩ ප‍්‍රදේශයද, මහනුවර දිස්තී‍්‍රක්කයේ ගැටඹේ ප‍්‍රදේශයද මෙම ව්‍යාපෘති සඳහා තෝරාගෙන තිබෙනවා.

වසර දෙකක් තුළ එම නිවාස 5,000 ඉදිකර නිවාසලාභීන්ට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ. මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මුල් අදියරේදී නිවාස 3000 ක් ඉදිකෙරෙනු ඇති.

(Neth)