Tuesday, May 14, 2024
Follow Us
පාසල් පහසුකම් ගාස්තුවලින් සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලීමක්

මව්පියන් මුහුණදී ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම වසරට අදාළව සිසුන්ගෙන් පාසල් පහසුකම් ගාස්තු අය නොකරන්නැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.

එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ. ගිය වසරට අදාළව පහසුකම් ගාස්තු නොගෙවූ සිසුන්ට පෙළපොත් ලබානොදීමට ඇතැම් විදුහල්පතිවරුන් කටයුතු කර ඇති බවද ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා සදහන් කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගෙන් විමසීමක් කළා. යම් කෙනෙකුට පහසුකම් ගාස්තු ගෙවීමට නොහැකි නම් ග‍්‍රාම නිලධාරීවරයා සහතික කළ ඉල්ලීමක් මගින් ඒ බව දැන්වුවහොත් ඒ පිළිබද සළකා බැලිය හැකි බවයි අධ්‍යාපන ලේකම්වරයා සදහන් කළේ.

මේ අතර පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී එල් පීරිස් මහනුවරදී මාධ්‍ය හමුවේ මෙලස අදහස් පල කළා.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේ.

(Neth)