සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්ධනයට යළි කැඳවන බව කීවද තවමත් ඒ බවක් පෙනෙන්නට නැත. ඔහු ඒ සම්බන්ධයෙන් “අරුණ” පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් තවමත් ඒ පිළිබඳව කැඳවීමක් ලැබී නොමැති බවයි.
මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ; අප්‍රේල් මාසයේ තමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය තවම වලංගු බවත්, “කොවිඩ් ආරම්භයේදී පැවැති තත්ත්වය අනුව තමයි මෘතදේහ සම්බන්ධයෙන් තීන්දු තීරණ ලබාගත්තේ. කොවිඩ් වැඩපිළිවෙළේදී අපි අවදානමක් නොගත යුතුයි. මාස හයකට පසු එළැඹෙන තත්ත්වයන් මත විද්‍යාත්මක සාධක පදනම් කරගෙන මෙය සංශෝධනය කළ හැකි බව ගැසට් නිවේදනයේ තියෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුතුයි” යනුවෙනි.
(Lanka Leads)