Tuesday, February 10, 2026
Follow Us
වීරකැටිය යක්ගස්මුල්ලට සංචරණ සීමා

වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ.

වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ පෙරේදා (31) වැනිදා අහඹු පීසීආර් පරීක්ෂණ 60ක් සිදුකර ඇති අතර ඉන් 17දෙනකුට කොරෝනා ආසාදිත බවට හඳුනාගත් බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

සංචරණ සීමා පැනවූ යක්ගස්මුල්ල ග්‍රාම නිලධාරි වසමේ පවුල් 288ක් සහ මුල්ලේගොඩ ප්‍රදේශයේ පවුල් 50ක් වාසය කරන බව පොලිසිය පවසයි.

(Aruna)