Tuesday, September 23, 2025
Follow Us
සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් සේම මිලියන 22ක් වන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමත් අතිශය වැදගත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටින්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බවයි.


ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ යුක්රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත් එම සංඛ්‍යාව තවත් ඉහළ යාම සිදු වුවහොත් අන්තරාදායක තත්වයක් උද්ගතවීම නොවැලැක්විය හැකි බවයි.

වෛද්‍යය හරිත අලුත්ගේ මහතාගේ අදහසට අනුව සංචාරකයන් නවාතැන් ගෙන සිටින හෝටල් වලින් එළියට යාමට සිදුවීමේදී බාහිර සමාජය සමඟ ගැටෙන අවස්ථා ඇතිවීම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු අතර දළදා මාළිගාව සීගිරිය වැනි ස්ථානවලට දේශීය සංචාරකයන් ද පැමිණෙන නිසා දැඩි අවධානයක් යොමු කළ යුතුය.

“සංචාරක කර්මාන්තය නගාසිටුවීමට පියවර ගන්නා සේම මිලියන 22 ක් වන රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් ඔහු කියා සිටියේය.

අවසාන වශයෙන් ඔහු පවසා සිටියේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන බවට දැනටමත් චෝදනා එල්ල වී ඇති බවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවත්ය.

(Lanka Leads)