Tuesday, February 10, 2026
Follow Us
මේක බෞද්ධ රටක් නෙමෙයි කියන අය මෝඩයි- අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31 ) පෙරවරුවේ පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද හිමියන්ගේ 75වැනි ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්ථානයේ ඉදිකළ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්විනි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එම අවස්ථාවට සහභාගී විය. එහිදී උන් වහන්සේ පවසා සිටියේ,
භික්ෂූන් වහන්සේගේ උපදෙස් අනුව බෞද්ධ ආගමික චින්තනයට අනුකූලව මෙරට නායකයින් තීන්දු තීරණ ගත යුතු බවයි.

එහිදී කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් අදහස් දැක්වමින්,

“බුදුදහම කියන එක ශ්‍රී ලංකාවට ලැබුණ ලොකු ආශිර්වාදයක් හැටියට මම දකිනවා. මේ වෙහෙර විහාර ඉතාම ඈත අතීතයේ සිට රජවරුන් බූද්ධාගමට දැක්වු ඒ ආදරය, කරුණාව, ළෙන්ගතුකම මේ සියල්ලම විද්‍යාමාන වෙන ආකාරයට මේ රට පුරාම තියෙනවා. මේ රට සිංහල, බෞද්ධ චාරිත්‍රයෙන් පිරුණු ශක්තිමත් වු රටක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා කිසිකෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. එහෙම කියන අය මෝඩයි. අපේ රටේ දේශපාලන නායකයෝ ඒක තේරුම් ගන්න ඕනේ මේ රටට ලැබිලා තියෙන ලොකුම තෑග්ග තමයි මේ ආගම, බුද්ධාගම. ඒ නිසා එය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීම. අපේ සංඝ පීතෘන්වහන්සේලා අපිට දෙන අවවාද අනුශසනා පිළිඅරගෙන මේ දර්ශනය තුළින් අපේ ජීවිතය අර්ථවත් කර ගැනීමට උත්සහ කළ යුතුයි. මේ රටේ අපි නායකයින් හැටියට ගන්න හැම තීරණයක්ම මේ ආගමික චින්තනයට ගැළපෙන තීරණ වියයුතුයි. ඒවාට නොගැළපෙන තීරණ ගන්නට හොඳ නැහැ.” යනුවෙන් පවසා සිටියහ.

(Lanka LEads)