Tuesday, February 10, 2026
Follow Us
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 25ට ඉහළ හමුදා නිලධාරීන් 25 දෙනෙක් පත් කෙරේ

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සම්බන්ධීකරණ සඳහා ඉහළ හමුදා නිලධාරීන් 25 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් පත් කර තිබේ.

හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ අනුව මේජර් ජනරාල්වරුන් සහ බ්‍රිගේඩියර්වරුන් පිරිසක් මෙසේ මෙම සම්බන්ධීකරණ කටයුතු සඳහා පත්කර ඇති අතර එක් එක් දිස්ත්‍රික්කවල නිරෝධායන මධ්‍යස්ථාන සඳහා පහසුකම් සැපයීම, රෝගීන් එම මධ්‍යස්ථාන සඳහා ප්‍රවාහනය කිරීම, එම මධ්‍යස්ථාන සඳහා ඖෂධ සහ උපකරණ සැපයීම, වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම සහ අනෙකුත් තාක්ෂණික අවශ්‍යතා සඳහා පහසුකම් සැපයීම සම්බන්ධීකරණය භාරවී ඇත.

(LNW)