සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන ඖෂධය රජයේ රෝහලක භාවිත කරමින් සායනික පර්යේෂණ සිදුකිරීමට තීරණය කර තිබෙන බවයි.
එහිදී වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන සදුදා වන විට ඒ සදහා අනුමැතිය ලබාදීමට නියමිත බවයි.
ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොරෝනා ඖෂධය සඳහා ආයුර්වේද ආචාර ධර්ම කමිටුව විසින් අනුමැතිය ලබාදුන් ලේඛන මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරය වෙත ලබා දුන් බවද ආයුර්වේද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටී.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමක්ට වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පිළිතුරු දෙමින් පවසා සිටියේ,දැනට එම ලේඛන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඒ ගැන පුළුල් අධ්‍යනයක් සිදු කරමින් තිබෙන බවයි.
(Lanka Leads)