Tuesday, February 10, 2026
Follow Us
කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හුදෙකලා කෙරේ

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දින පහකට හුදකලාභාවයට පත්කර තිබේ.

ඒ අනුව අද සිට ලබන 5 වැනිදා දක්වා මෙලෙස හුදකලාභාවයට පත්කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පැවසුවේ ඊයේ (30) දිනයේ මඩකලපුව නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයින් හා හිමිකරුවන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 549කින් 26 දෙනෙක් ආසාදිතයින් හඳුනාගත් බවයි.

එලෙස හදුනාගත් ආසාදිතයින් අතර කාත්තාන්කුඩි ප්‍රදේශයේ ආසාදිතයින් 23ක් ද වේ.

ඒ අනුව මේ වන විට කාත්තාන්කුඩි ප්‍රදේශයේ ආසාදිතයින් ගණන 50ක් හඳුනාගෙන ඇත.

(Aruna)