Tuesday, May 14, 2024
Follow Us
ගම්පහ අවදානම යළිත් ඉහළ යයි - කොළඹ ආසාදිතයන් 18000 ඉක්මවයි

ඊයේ දිනයේදී වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් දෙවැනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර පසුගිය කාලසීමා‍වේදී එම දිස්ත්‍රික්කයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් පහත බසිමින් තිබිණි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ආසාදිතයන් 190 ක් වාර්තා වූ අතර මේ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම යළිත් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 133 දෙනෙකු වාර්තා වීමත් සමග එම දිස්ත්‍රික්කයෙන් හමු වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 18,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 133 දෙනාගෙන් 83 දෙනෙකුම අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයකින් වාර්තා වී ඇත. ඒ අනුව අවිස්සාවේල්ල ආශ්‍රිතව වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ.

මෙම දිස්ත්‍රික්ක දෙකට අමතරව මහනුවර 89 ක්, කලුතර 50 ක්, අම්පාරේ 42 ක්, රත්නපුර 27 ක් සහ යාපනයේ 21 ක් ලෙස ඊයේ ආසාධිතයන් වාර්තා විය.

(LNW)