Tuesday, February 10, 2026
Follow Us
නව වසර සැමරුම පවුලේ අයට සීමා කරන්න

නව වසර උදාව සැමරෙන අද (31 වැනිදා) රාත්‍රියේ උත්සව සාද පැවැත්වීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

නව වසර උදාව සැමරෙන උත්සව සහ සාද ආදිය පෞද්ගලික මට්ටමින් සිය නිවෙස් තුළ පවත්වන ලෙසත්, ඊට සහභාගිවීම පවුලේ අයට පමණක් සීමා කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය පිළිබඳ ජනතාව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

(Aruna)