Tuesday, May 14, 2024
Follow Us
කොවිඩ් මළ සිරුරු ශීතාගාරවල තැබීමෙන් වයිරසයට වැඩි ආයුෂක්

කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ශීතාගාරවල තැන්පත් කිරීමෙන් කොවිඩ් 19 වයිරසය දිගුකාලයක් නොනැසී පැවතීමේ අවදානමක් මතුව ඇතැයි ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කරයි.

වයිරස් හා බැක්ටිරියාවන් දිගු කාලයක් සුරක්ෂිතව තබා ගැනීමට ශීතාගාර තුළ රඳවා ගැනීම සාමාන්‍යයෙන් සිදුකෙරෙන තත්ත්වයක් යැයි ඇය පවසා සිටියි.

මේ හේතුවෙන් අධිකරණ වෛද්‍යවරුන්ගේ සහ ඔවුන් යටතේ සේවය කරන සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත දැඩි අවදානමකට පත්විය හැකි බව ඇය පෙන්වා දෙයි.

කොවිඩ් මළ සිරුරකින් හෝ ආසාදිත රෝගියකුගෙන් පිටතට මුදාහරින කොරෝනා වයිරසය වාත අංශුවල හෝ ජල අංශුවල රැඳෙන බව මේ වන විට වෛද්‍ය විද්‍යාඥයන් සොයා ගෙන ඇතැයි ඇය සඳහන් කරයි.

එසේම කොරෝනා ආසාදිත මළ සිරුරු ප්‍රදේශයෙන් ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම ජීවිත ගණනාවක් අවදානයට ලක්වන කරුණක් බවද ඇය පවසයි.

(Aruna)