Tuesday, February 10, 2026
Follow Us
පනතට අනුව කෝවිඩ් ආසාදිතයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතුයි

කොවිඩ් ආසාදනය හේතුවෙන් මරණයක් සිදු වුවහොත් පවතින නිරෝධායන ආඥා පනත යටතේ එම සියලු දේහයන් ආදාහනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

එහෙත් ඒ පිළිබඳ නැවත වතාවක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇති බවද හෙතෙම කීවේය.

පවතින විද්‍යාත්මක සාධක සලකා බලා ඒ පිළිබඳ ඇගයීමක් සිදු කර, ආදාහනයට අමතරව කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමේ හැකියාවක් තිබේද යන්න සොයා බැලීම එම කමිටුවට පැවරී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

එම විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සංජීව මුණසිංහට කඩිනමින් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

(Aruna)