Tuesday, February 10, 2026
Follow Us
කළුතරින් රෝගීන් 56ක්

කොරෝනා රෝගය වැලඳුණ දකුණු කළුතර පොලිසියේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (27 වැනිදා) වන විට 6 දක්වා ඉහළ ගොස් තිබේ.

මින් පෙර කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2ක්, පොලිස් පරීක්ෂකවරුන් 1ක් හා කාන්තා පොලිස් සැරයන්වරයන් 1ක් වශයෙන් ආසාදිත බවට හඳුනාගෙන තිබූ අතර ඉන් පසුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී රථවාහන අංශයේ පොලිස් ​කොස්තාපල්වරුන් දෙදෙනකුද කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

මේ අතර කළුතර පොලිස් අධිකාරි කොට්ඨාසයෙන් පෙරේදා (26 වැනිදා) නව කොරෝනා රෝගීන් 56ක් වාර්තා වී ඇත.

ඒ අනුව පයාගල පොලිස් වසමෙන් 27ක්, බේරුවල පොලිස් වසමෙන් 27ක් හා අලුත්ගම පොලිස් වසමෙන් 2ක් වශයෙන් මෙම රෝගීන් වාර්තා වී තිබේ. පයාගල පොලිස් වසමේ නාගහදුව, මුංහේන, අක්කරමලේ සහ පොතුවිල යන ප්‍රදේශවලින්ද, බේරුවල පොලිස් වසමේ මරදාන, පල්ලිය පාර, පරණ පාර, නල්ලහේන, රේගුව පාර, හේනවත්ත හා චීනකොටුව යන ප්‍රදේශවලින් මෙම රෝගීන් හමු වී ඇත.

(Aruna)