Tuesday, February 10, 2026
Follow Us
මෙරට ආබාධිත පුද්ගලයන් ගැන නිවැරැදි දත්ත නැහැ

මෙරට ජීවත් වන ආබාධිත පුද්ගලයන්ගේ යාවත්කාලීන තොරතුරු පිළිබඳ දත්ත නොමැති බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර සිටී.

විෂය භාර අමාත්‍යාංශය විසින් මේ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොතිබූ බව ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ කාර්ය සාධනය පිළිබඳ කළ විගණනයකදී විගණකාධිපතිවරයා සඳහන් කර සිටී. ආබාධිත පුද්ගලයන්ගෙ යාවත්කාලීන තොරතුරු පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කිරීමට 2019 වර්ෂයේ දී රුපියල් කෝටි එක හමාරක මුදලක් වෙන් කළ ද වසර අවසානය වන විටත් එවැන්නක් සකස් කිරීම් සඳහා සැලැස්මක් හෝ ආරම්භ කර නොතිබූ බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් මුදල් ප්‍රතිපාදන සම්පූර්ණයෙන් තොරව පැවැති බව සඳහන් කරන විගණකාධිපතිවරයා ආබාධ සහිත තැනැත්තන් සඳහා ලේකම් කාර්යාලයට නිලධාරීන් 40ක් අනුමත කර ඇතත් ඒ සඳහා ස්ථිර නිලධාරීන් බඳවා නොගැනීමෙන් සේවා සැපයීමට බාධාවක්ව තිබූ බවද සඳහන් කර ඇත.

(Aruna)