කොවිඩ් අවදානම නිසා කොළඹ 9 වේළුවනාරාම පාර ප්‍රදේශය හුදෙකලා කෙරේ කොළඹ 09, වේළුවනාරාම පාර ප්‍රදේශය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඒ මහතා සඳහන් කළේ (LNW)