Tuesday, September 23, 2025
Follow Us
රැඳවියන් 3000කට ආසන්න පිරිසක් සුවය ලබයි

බන්ධනාගාර කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගෙන් 3000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබාඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින්ගෙන් 2962ක් මේ වනවිට සුවය ලබා ඇති අතර රැඳවියන් 2850 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 112 දෙනෙකු ඒ අතරට අයත්ය.

බන්ධනාගාර ආශ්‍රයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3615කි.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 121 දෙනෙකු අයත් ය.

වෛරසය ව්‍යාප්ත වූ බන්ධනාගාර අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මැගසින් බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 827ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

(Aruna)