Tuesday, September 23, 2025
Follow Us
නව වෛරස් ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක්

එංගලන්තයෙන් වාර්තා වන කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමේ ප්‍රවණතාවයක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එංගලන්තයේ පැතිරෙන මේ ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණිය හැක්කේපැමිණිය හැක්කේ ගුවන්තොටුපොළකින් හෝ වරායකින්ය.

එම නිසා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර අවසන් වනතුරු ඔවුන්ව මනාව වෙන්කර තැබීම ඉතාම අවශ්‍ය වන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එය ආසාදිත නොවී ආරක්ෂාවීමේ වගකීම ජනතාව සතු බව ඔහු පෙන්වා දෙයි.

(Aruna)