Tuesday, September 23, 2025
Follow Us
රට පුරා අපරාධ කල්ලි 36ක් ක්‍රියාත්මකයි

දිවයින පුරා සංවිධානත්මක අපරාධ කල්ලි තිස් හයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් විසි හතරක් සක්‍රියව ක්‍රියාත්මක ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. මෙම අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පොලිසියට නියෝග කළේය.

ඇතැම් අපරාධ කල්ලි සාමාජිකයන් විදේශගත වී ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ. තවද කොවිඩ් වයිරසය පැතිර ගිය කාලය තුළ යතුරුපැදි සහ රන්මාල සොරකම් කිරීම් පිළිබඳ පැමිණිලි වැඩි වී ඇති බවද පොලිසිය මෙහිදී අනාවරණය කර තිබේ. බියෙන් සැකෙන් තොරව ජනතාවට උචිත පරිසරයක් නිර්මාණය කරන ලෙස අමාත්‍යවරයා පොලිසියට මෙහිදී උපදෙස් ලබාදී තිබේ.

(Aruna)