Tuesday, September 23, 2025
Follow Us
රුසියානු සංචාරකයින් මෙරටට පැමිණීම අවලංගු කෙරේ

රැසියාවේ මොස්කව් නුවර සිට සංචාරකයන් පිරිසක් හෙට (26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමත් සමගම ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සදහා විවෘත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක නොවන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

රුසියානු ගුවන් සේවය වන එඑරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට ධනවතුන් 200 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා හෙට දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබුණා.

යුරෝපය පුරා හදිසියේම පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා මෙම ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ.

එහෙත් මෙම රුසියානුවන්ගෙන් ශ්‍රී ලංකා සංචාරය තවත් දින කීපයක් පසු වීමෙන් ක්‍රියාත්මක වීමට නියමිත බව ද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(NEth)