Tuesday, September 23, 2025
Follow Us
වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල රජයේ ව්‍යාපෘති කටයුතු දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක විය යුතුයි-ඇමැති ඩග්ලස් දේවානන්ද

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමින් ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසා සිටියේ වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල රජයේ ව්‍යාපෘති කටයුතු දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක විය යුතු බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සිංහල නම්වලින් ක්‍රියාවට නංවන බවත් ජනතාව වැඩිපුර වෙසෙන උතුර හා නැගෙනහිර පලාත්වල එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී දමිළ භාෂාව යොදා ගත යුතු බවත්ය.

මේ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ අවධානය යොමු කිරීමට තමන් කටයුතු කරන බවද එහිදී අමාත්‍යයවරයා අවධාරණය කළේය.

(Lanka LEads)