Sunday, April 28, 2024
Follow Us
තිරුක්කෝවිල් වෙරළට මත්ස්‍යයන් ගොඩගසයි

අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළට මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් ගොඩගසා ඇති බව වාර්තා වේ.

මත්ස්‍යයන් කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ගොඩගසා ඇති අතර මෙලෙස ගොඩගසා ඇත්තේ මියගිය මත්ස්‍යයන් බවට තොරතුරු වාර්තා වේ.

මෙම මත්ස්‍යයන් සුනඛයන් හා කපුටන් රැගෙන යාමත් සමඟ එම ප්‍රදේශයේ දුර්ගන්ධයක් හමනබවට ප්‍රදේශවාසීන් පවසයි.

එම මත්ස්‍යයන් ඉවත්කිරීම සඳහා තිරුකොවිල් ප්‍රාදේශිය සභාවේ සභාපති හා ලේකම්වරයා පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

(Aruna)