Monday, April 29, 2024
Follow Us
කොරෝනා වෛරස නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකියි-වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එංගලන්තයේ පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරස නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බවත් එම වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බත්ය.

සුදත් සමරවීර මහතාට අනුව මෙම වෛරසය 70%ක පමණ පැතිරීම වේගවත් වන අතර සංචාරකයක් හරහා වෛරසය රටට ඇතුළු වුවහොත් තත්වය බරපතල වනු ඇත. ඒ අනුව ඔහු අනාවරණය කරණු ළබුවේ වෛරසය රටට ඇතුළු වීම වැලකීමට සෞඛ්‍ය අංශ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරස නව කාණ්ඩය පරීක්ෂණ වලින් අනාවරණය කිරීමේ සම්භාවිතාව ඉතා අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එහෙත් මේසම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළෙයේ තමන් සතු උපකරණ වලින් නව කොරෝනා වෛරස් ප්‍රභේදය පහසුවෙන් හඳුනා ගත හැකි බවයි.

(Lanka LEads)