Tuesday, September 23, 2025
Follow Us
සිරීපාදේ එන්න එපා

පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී පාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් බව නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාදන වන්දනාවේ පැමිණීමෙන් වැලකී සිටින ලෙසයි.

වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොවිඩ් වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

ඇතැම් ප්‍රදේශ සදහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදුකර තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබාදී ශ්‍රීපාද වන්දනාවේ පැමිණිය ද පවතින අවධානම පහව නොයන බව දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව අවධාරණය කරයි.

(Aruna)