පශ්චාත් උපාධි සඳහා විදෙස් ගතව යළි විශ්වවිද්‍යාලවලට නොපැමිණ සිටින පන්සියයක් පමණ වන ආචාර්යවරුන් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබේ.
ගිවිසුම් කඩ කරමින් වසර ගණන් විදෙස්ගතව සිටින එම ආචාර්යවරුන් මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීමේ නව නීති සකස් කිරීමට නියමිත බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. ඔවුන් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ගිවිසුම් කඩ කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇතැයි ද විදෙස් ගතව සිටින පැමිණ විශ්වවිද්‍යාලවලට නොපැමිණෙන්නන්ගෙන් වුවද ගිවිසුම් ප්‍රකාරව මුදල් අය කර ගැනීමේ නිසා ක්‍රමවේදයක් නොමැති බව ද එම ආරංචි මාර්ග කීවේය. මුදල් අය කර ගැනීමේ ගැටලුව මෙන්ම ඔවුන්ගේ දැනුම විශ්වවිද්‍යාලයට ලබා ගැනීමට නොහැකි වීමද බරපතළ තත්ත්වයක් බව ඉහත ආරංචි මාර්ග කීවේය.
එලෙස විදෙස්ගතව සිටින කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් විසි දෙනකුගෙන් රුපියල් නව කෝටි හැත්තෑ දෙලක්ෂයක් අය විය යුතුව තිබෙන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 42ගෙන් අයවිය යුතුව තිබෙන මුදල රුපියල් එකොළොස් කෝටි තිස් හත් ලක්ෂයකට අධිකය. මීට අමතරව විදෙස් ගතව සිටින මොරටුව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් 37 දෙනකුගෙන් අයවිය යුතුව තිබෙන මුදල් රුපියල් හත් කෝටි හැට අට ලක්ෂය ඉක්මවන බව ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ අයුරින් වෙනත් විශ්වවිද්‍යාලවලින් ද විදෙස් ගතව සිටින ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි ගණනක් අයවිය යුතුව ඇත.
(Aruna)