Wednesday, February 11, 2026
Follow Us
ශ්‍රීලංකන් ආහාර සැපයීම් අංශයේ 47කට කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීම් (කේටරින්) අංශයේ සේවකයින් 47දෙනෙකුට අද (22) වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම ආයතනයේ සේවකයින් 865දෙනෙකු මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගෙන ඇත.

දැනට තහවුරු වී ඇති ආසාදිතයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් පිළිබද නිවැරැදි තොරතුරු ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීමේ අංශය විසින් ලැබී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෙ$ඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මීගාර ඈපා මහතා සදහන් කරයි.

පවතින තත්ත්වය තුළ එය වෛරසය පාලනය කිරීමට එය බාධාවක් වී ඇති බව වෛද්‍ය මීගාර ඈපා මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පසුගිය 17 වන දින පළමුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීම් (කේටරින්) අංශයේ සේවකයින් 8දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

(Aruna)