Wednesday, February 11, 2026
Follow Us
තීරණයක් ලැබෙන තෙක් කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ශීතකරණවල තැන්පත් කරන්න

කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් 05ක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

මෙවන් පසුබිමක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මළ සිරුරු සිසිල් කළ හැකි කන්ටේනර් සපයා තිබූ අතර ඒවායේ මළ සිරුරු තැන්පත් කිරීම ඊයේ (21) දින සිදුවනු දක්නට ලැබුණා.

(Lanka Leads)