Wednesday, February 11, 2026
Follow Us
බේරුවල ‘නිරෝධාය කළ කත මියගිය පසු හොරෙන්ම වළලයි

බේරුවල ප්‍රදේශයේ නිරෝධායනයට ලක්කර සිටි 78 හැවිරිදි කාන්තාවක මියයෑමෙන් අනතුරුව මළසිරුර හොරෙන්ම භූමදානය කර ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බේරුවල පොලිසිය පවසන්නේ සවස 4.00ට පමණ එම කාන්තාව මියයෑමෙන් පසු දේහය එදිනම රාත්‍රී 8.00 පමණ වන විට හොර රහසේ භූමදානය කර ඇති බවකි.

මෙලෙස එම නිවෙස් නිරෝධායනයට ලක්කර තිබීම හේතුවෙන් පොලිසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමටද එය බාධාවක්ව ඇත.

බේරුවල චීන කොටුව ප්‍රදේශයේ දේවස්ථානයක ප්‍රධානියකුට අයත් මෙම නිවසේ උණ රෝගීන් සිටින බවට ලද තොරතුරක් මත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් නිවැසියන්ට පී.සී.ආර්. පරීක්ෂණ කර තිබේ.

එහිදී පී.සී.ආර්. කළ 15 දෙනකු අතරින් සිව්දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත.

එම නිවෙස නිරෝධානයට ලක්කර ඇත්තේ ඉන් අනතුරුවය. මේ අතර එම නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටි මෙම 78 හැවිරිදි කාන්තාව මියගොස් තිබේ. කෙසේ වෙතත් බේරුවල පොලිසිය මේ පිළිබඳව ඊයේ (21 වැනිදා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

(Aruna)