Wednesday, September 24, 2025
Follow Us
උත්සව සමයේ කරළියට පැමිණෙන වෙළෙඳුන්ගෙන් ප්‍රවේශම් වන්න

එළැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු කාලයේදී වෙළෙඳුන් කරළියට පැමිණෙන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.

කූට වෙළෙඳුන් ශරීර සෞඛ්‍යයට හානිකර ආහාර පාන මේ දිනවල වෙළෙඳපොළට නිකුත් කරන බැවින් ඇසුරුම් කරන ලද ආහාරපාන මිලදී ගැනීමේදී ඒවායේ නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වූ දිනය හා ලේබලය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කරයි.

ආහාරපානවල ලේබලය වෙනස් කර කල් ඉකුත් වූ ආහාරපාන වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇතැම් කූට වෙළෙඳුන් උත්සව කාලයේදී කටයුතු කිරීම රහසක් නොවන බවත් මේ දිනවල රටේ පවතින කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විශාල වැඩ කොටසක් පැවරී ඇති බැවින් වෙ​ළෙඳසල් පරීක්ෂා කිරීමේ කාර්ය විධිමත්ව කිරීමේ ගැටලු මතුව ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

(Aruna)