Wednesday, September 24, 2025
Follow Us
බදුල්ලේ කොට්ඨාස 15න් 14කම ආසදිතයෝ

බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 89ක් බවට පත්ව ඇති අතර පුද්ගලයන් 1,600 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කර සිටින්නේ 1,679 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවයි.

හපුතලේ සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ කරන ලද PCR පරීක්ෂණ වලින් නව ආසාදිතයන් දෙදෙනෙක් හඳුනාගැනීමත් සමඟ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන මෙලෙස 89ක් දක්වා ඉහල ගොස් ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශය ලේකම් කොට්ඨාශ 15න් 14කින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර මින් පෙර ආසාදිතයන් හඳුනා නොගත් සොරණාතොට සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙන් ද ආසාදිතයන් හඳුනාගෙන ඇත.

කෙසේ නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් හමුවී නැහැ.

(Aruna)