Wednesday, September 24, 2025
Follow Us
මුස්ලිම් කොවිඩ් මෘත දේහය ගැන අධිකරණය දුන් තීන්දුව

ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මරණය සම්බන්දව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි කටයුතු කරණ ලෙසත් එම නියෝගය ලැබෙන තෙක් මෘත දේහය අධිශිතකරණයක තැන්පත් කර තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ මරණ ආදාහනය කරණවාද නැතිනම් භුමදානය කරණවාද යන්න සම්බන්දයෙන් මේ වනවිට කොළඹ දි සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් ඒ සාකාච්ඡාවේ දි ගනු ලබන තිරණය ලැබෙන තෙක් මෘත දේහය තැන්පත් කර තැබිමට අවසර දෙන ලෙස මියගිය පුද්ගලයාගේ පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් අධිකරණයෙන් ඉල්ලිමක් කරණු ලැබිය.

කොවිඩ් 19 ආසාදනය සහිත රෝගියකුට ඇතිවු හෘද රෝගි තත්වයක් හේතුවෙන් මියගිය ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි (84) නැමති තිදරුපියගේ මරණය සම්බන්දව ගාල්ල මුලස්ථාන පොලිසිය මගින් අධිකරණ වෙත කරණු ඉදිරිපත් කොට තිබුණි.

කොවිඩ් ආසාදිත තිදරු පියකුගේ මරණය නිරෝධායන නිතියටතේ.රජයේ නියමයන්ට අනුකුලව ආදාහනය කරණ ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් නියෝග කළවිට ආදාහනය කරන්නෙ නම් ඥාතීන් සිරුර බාර නොගන්නා බවත්, භූමිදානය කරන්නට අවසර දෙනවා නම් පමණක් එය බාරගන්නා බව පවසමින් මියගිය අයගේ පුතෙකු මරණ පරික්ෂණයේ දි ප්‍රකාශකොට තිබුණි.

(Aruna)