Wednesday, September 24, 2025
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) දින පැය 18ක ජල කප්පාදුවක්

ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්; කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට, අද (19) දින පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම කාලය තුළ කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද “අඩු පීඩනයක් යටතේ” ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

අද පෙරවරු 09.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා මෙම ජල සැපයුම් අත්හිටුවීමට නියමිතය.

(Lanka Leads)