Wednesday, September 24, 2025
Follow Us
ලංකාවේ ආහාර හිඟයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා ඇති බව වාර්මාර්ග අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ලෝක ආහාර සංවිධානයේ පුරෝකතනවලට අනුව ශ්‍රී ලංකාවද ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් සහිත රටක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙරට පාරිභෝජනය සඳහා කෙරෙන ආහාර ද්‍රව්‍ය ආනයනය ජාත්‍යන්තරව සිදු විය හැකි සීමා කිරීම් හමුවේ මෙම තත්ත්වය උදා විය හැකිය. එම නිසා රටක් ලෙස වෙනත් විසඳුම් කෙරෙහි ගමන් කළ යුතු බව ලෝක ආහාර සංවිධානය සඳහන් කරයි.

ඊට මුහුණ දීම සඳහා මෙරට වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීමටත්, දිවයින පුරා විසිරී ඇති පනස් දහසකට ආසන්න ග්‍රාමීය කුඩා වැව් අලුත්වැඩියා කර නඩත්තු කිරීමටත් රජය තීරණය කර ඇත.

(Aruna)