Wednesday, September 24, 2025
Follow Us
මුස්ලිම් මෘතදේහ ආදාහනයෙන් පසු භෂ්මාවශේෂ සුදුසු තැනකට බැහැර කරයි

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් – 19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතික මෘත දේහ ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවන භෂ්මාවශේෂ කසළ ලෙස බැහැර කෙරෙන ලෙසට සෞඛ්‍ය අංශයට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතුව භෂ්මාවශේෂ යළි භාර ගැනීමට මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන්ගේ ඉදිරිපත් නොවීමය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ප්‍රකාශ කළේ මුස්ලිම් ජාතිකයින් ආදාහනය කළ කිසිම ආදාහනාගාරයක භෂ්මාවශේෂ ලබා ගැනීමට ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් වී නොමැති බවයි.

මේ නිසා එසේ වෙනත් ස්ථානයකට බැහැර කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ මළ සිරුරු ආදාහනය කිරීමෙන් අනතුරුව එම භෂ්මාවශේෂ සුදුසු ස්ථානයකට බැහැර කරන ලෙසට සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

(Aruna)