Wednesday, September 24, 2025
Follow Us
ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් – වෛද්‍ය හරිත අලුත්ගේ

මහ ජනතාව නිසි පරිදි ආරක්ෂා සහිතව කටයුතු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට පත් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

ඔක්තෝබර් මස මුල් සතියෙන් ආරම්භ වූ කොරෝනා රැල්ල මේ වන විට ආසාදිතයන් 31,000 සීමාව පසුකර ඇති බවත්; දැනට වාර්තා වන මරණ වලින් වැඩි ප්‍රමාණයක් කොළඹ මහා නගර සභා සීමාව තුළ වාර්තා වී ඇති අතර සෙසු ජනාකීර්ණ ප්‍රදේශවල මරණ ප්‍රමාණය ඉහළ යාම ඉඩකඩක් නිර්මාණය වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

(Lanka Leads)