Wednesday, September 24, 2025
Follow Us
කොරෝනා එන්නත ලංකාවටත් ගෙන්වන්නැයි ඉල්ලීමක්

කොවිඩ් වයිරසයට එරෙහිව අනෙකුත් රටවල ලබාදීමට කටයුතු කර ඇති එන්නත මෙරටටද ගෙන ඒමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නැයි රජ​යේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් පෙරේදා (16 වැනිදා) ලිිඛිත ඉල්ලීමක් කර ඇත. එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ කොවිඩ් වයිරසය මර්දනයට මේ මොහොතේ ඇති එකම විසඳුම එන්නතක් ලබාදීම බවය.

එහෙත් රජය ඒ සඳහා මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එම නිසා කඩිනමින් අනෙකුත් රටවල ලබාදෙන කුමන හෝ එන්නතක් මෙරටට ගෙන ඒමට පියවර ගත යුතු බවත් එම ලිපිය මගින් පෙන්වා දෙයි.

(Aruna)