කොවිඩ් - 19 වයිරසය ආසාදිත ගැබිනි මවක සිව් නිවුන් දරු උපතක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී ඊයේ (17) සිදු කළ බව එම රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය රුවන් පතිරණ මහතා ‘දිනමිණ‘ට ඊයේ (17) ප්‍රකාශ කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත මේ මවට ඇගේ රෝගී තත්ත්ව අනුව සිසේරියන් සැත්කමට ලක් කළ බවත් ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කළ මවට සිදු කළ පී. සී. ආර්. පරීක්ෂණයකින් ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බවත් ඒ මහතා කීය. ගර්භයට සති 28ක් වන විට ස්වසන අපහසුතාව හේතුවෙන් ඇය රෝහල්ගත කළේ යැයි ද කොවිඩ් ආසාදිත මවක් නිසා සෙසු මව්වරුන්ගෙන් වෙන් කර තබා ඇයට ප්‍රතිකාර ලබාදී ගර්භයට සති 30ක් වන විට සිසේරියන් සැත්කමට ලක් කළේ යැයිද හෙතෙම පැවැසීය. සිවු නිවුන් දරුවන්ගෙන් දරුවන් තිදෙනකු සාමාන්‍ය තත්ත්වයෙන් පසු වන බවත් එක් දරුවකු ස්වසන අපහසුතාවෙන් පෙළෙන නිසා ඔක්සිජන් ලබාදීම සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් නැඟෙනහිර කොළඹ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා මාරු කර යවන අතර මේ මවට එසේ කිරීමට නොහැකි වූයේ සිවු නිවුන් දරු උපතක් සිදු කිරීමට තරම් පහසුකම් එහි නොමැතිකම හේතුවෙන් බවද ඔහු පැවැසුවේය.
පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේදී මෙන්ම රෝහලකට ඇතුළත්වීමේදී අනිකුත් සෞඛ්‍ය කටයුතුවලදී ව්‍යාජ ලිපිනයන්, ව්‍යාජ නම් ආදිය ලබාදෙන බවට තොරතුරු වාර්තාවී ඇති හෙයින් ඒ සම්බන්ධ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීවේය.
යම් කිසි පුද්ගලයකු ව්‍යාජ නමක් ව්‍යාජ ලිපිනයක් රජයේ නිලධාරියකුට ලබා දෙන්නේ නම් එය රජයේ නිලධාරියකුට අසත්‍ය තොරතුරු සැපයීමක් වන අතර ව්‍යාජ නමක් ලබාදීම අනෙකකු ලෙස පෙනී සිටීමේ වංචාවක් සිදු කිරීමක් බවද යම් ලේඛනයක් සකස් කිරීමට ව්‍යාජ තොරතුරු ලබා දෙන්නේ නම් එය කූඨ ලේඛනයක් සකස් කිරීමක් වන බවද එවැනි පුද්ගලයන්ට මේ සියලු චෝදනා සහ නිරෝධායන රීතීන් යටතේ නඩු පැවරීමට හැකි බව හෙතෙම පැවැසීය.
එවැනි නඩුවකදී වරදකරුවකු වන අයට වසර පහ දක්වා වූ කාලයක් බන්ධනාගාරගත කළ හැකි බැවින් එම නිසා කිසිදු අවස්ථාවක ව්‍යාජ නමක්, ව්‍යාජ ලිපිනයක් ලබාදීමෙන් වළකින ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේය.
කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවෙසේ සාමාජිකයන් සමඟ සැමරීමට පියවර ගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
කොළඹ අගරදගුරු මැදුරේදී ඊයේ (17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
රටේ පවතින වසංගත තත්ත්වය තේරුම් ගනිමින් ළඟ එන නත්තලේදී කතෝලික ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතට හැරී තිබෙන නිසා සෙසු පළාත්වලටද වසංගතය පැතිර යෑමේ තර්ජනය පැහැදිළිවම පෙනෙන්නට තිබෙන බවත් පැහැදිලි කළ කාදිනල් හිමිපාණෝ වෙනදා මෙන් නත්තල සැමරීමට විවිධ දේ කිරීමට අපිට ඉඩකඩ නොමැති බවත් ඒ නිසා මේ වසරේදී ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන ලබාදෙන බවත් ප්‍රකාශ කළහ.
කොළඹට ඇතුළුවීම, කොළඹ සිට වෙන පළාත්වලට ගමන් කිරීම හැකිතාක් දුරට සීමා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියහ. විනෝද ගමන්, පිරිස් ඒකතුවී සාද පැවැත්වීම හැකි තරම් සීමා කිරීමටත් පවුලක් ලෙස නිවෙසේ සියලු දෙනා එකට එකතුවී අර්ථවත් ආකාරයට නත්තල් මංගල්‍යය සමරන්න යැයි මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පෙන්වා දුන්හ.
(Dinamina)