Wednesday, February 11, 2026
Follow Us
අලුත්ගම වෙළඳසැල් පහක් වහයි

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් ඊයේ (16) දින සවස පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව වසා දමා තිබේ.

වෙළඳසැල් හතරක් සහ රේස්බුකියක කොරෝනා ආසාදිත පුද්ගලයන් පස් දෙනකු හමුවීමත් සමඟ මෙම වෙළඳ සැල් වසා දමා තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

හඳුනාගත් ආසාදිත පුද්ගලයන් රෝහල්ගත කර එම වෙළෙඳ සැල්වල සේවය කළ සේවකයින් දහදෙනකු ස්වයං නිරෝධායනට ලක්කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විට අලුත්ගම පොලිස් වසම තුළ පමණක් කොරෝනා රෝගීන් අනූ තුන් දෙනකු වාර්තා වී ඇත.

(Aruna)