Wednesday, September 24, 2025
Follow Us
බටහිර වෙදකමෙන් කොවිඩ් “වෛරස” රෝගීන් 72%-75% සුව කරළලු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවින්ද සොයිසා මහතා සඳහන් කර සිටින්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් “ඖෂධයක්” තමනට නිර්දේශ කල නොහැකි බවකි.

තම වෛද්‍ය ක‍්‍රමය භාවිතයෙන් මේ වන විට මෙරට කොවිඩ් – 19 “වෛරස” රෝගීන්ගෙන් 72%-75% අතර ප‍්‍රමාණයක් සුවපත් කර ඇති බවත්, තමන් අනුගමනය කරන්නේ සාක්‍ෂි මත පදනම් වූ වෛද්‍ය ක‍්‍රමයක් බවත් ඔහු තවදුරටත් සඳහන් කර සිටී.

නමුත් වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ කිසිදු “වෛරසයක්” සඳහා බටහිර වෙදකමෙන් කිසිදු “ඖෂධයක්” මෙතෙක් සොයාගෙන නොමැති බවයි.

(Lanka LEads)