Wednesday, September 24, 2025
Follow Us
ලංකාවේ සියළු ඉස්ලාම් භක්තිකයෝ මාල දිවයිනේ පදිංචියට එන්න-මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන්

ලංකාවේ සියළු ඉස්ලාම්භක්තිකයෝ මාල දිවයිනේ පදිංචියට එන්න-මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව පවසා සිටී.

මාලදිවයින් රජය එසේ නොකිරීම සම්බන්ධව තමන් පුදුම වන බව ඇය පවසා සිටී.

ඇය වැඩිදුරටත් තම පණිවිඩය මගින් පවසා සිටින්නේ කොරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොරෝනා මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට සලකා බලමින් සිටින බවය.

(Lanka Leads)