Wednesday, September 24, 2025
Follow Us
අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකුට කොවිඩ්

ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කරන රොටුඹ දෙන්කන්දලිය පදිංචි තිස්එක් හැවිරිදි ගුවන් සෙබළියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

එම කාන්තාව සහ ඇගේ පෙම්වතා සමග රොටුඹ දෙන්කන්දලිය ප්‍රදේශයේ සිය නිවසට පසුගිය 7 වැනිදා පැමිණ තිබේ.

9 වැනිදා ඇය යළි සේවයට ගොස් ඇති අතර 11 වැනිදා පී.සී.ආර්. පරීකෂණයේදී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. ඇයගේ පෙම්වතා අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයකු ලෙස සේවය කරන අතර ඔහුටද වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් රොටුඹ දෙන්කන්දලිය ප්‍රදේශයේ එම පවුලේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කර තිබේ.

මීට පෙරද රොටුඹ ප්‍රදේශයේ පදිංචි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන අයකු නිවසට පැමිණ නැවත සේවයට ගිය පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී වයිරසය ආසාදනය වී තිබූ බව අනාවරණය විය.

(Aruna)