වත්තල ජල සම්පාදන ක්‍රමයේ මාර්ග සංවර්ධනයට සමගාමීව හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හෙට (16) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව හෙට (16) උදෑසන 10.00 සිට අනිද්දා (17) පෙරවරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇත.
එම මණ්ඩලය සදහන් කළේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද සහ හැදල යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බවයි.
(Aruna)